විදුහල්පති පණිවිඩය
විදුහල්පතිතුමාගේ නම
පසුගිය වසර කීපය තුල පාසල ඉතා සීග්‍ර දියුණුවක් කරා පියනැගීම සිදුවිය. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මක වර්ධනය, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වල වර්ධනය, විෂය සමගාමී ක්‍රියාකාරකම් වල වර්ධනය යනාදී වශයෙන් ක්ෂේත්‍ර ගණනාවකින් එය විද්‍යාමාන වේ. ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලටයත් අවශ්‍ය සෑම විටම දායකත්වය දැක්වු දෙමව්පිය, ආදිශිෂ්‍ය ප්‍රජාවටත් මාගේ කාතඥතාවය පිරිනැමීමට කැමැත්තෙමි. නව ජාතික පාසල් දහසේ වැඩසටහනට පාසල ඇතුලත් කර ගැනිමට හැකිවිම පාසලේ අනාගත දියුණුවේ ප්‍රබල සාධකයක් ලෙස සැලකිය හැකිය. එමගින් පාසලට සම්පත් බොහෝ ප්‍රමාණයක් ලැබුණ අතර ඉදිරියටද ලැබිමට නියමිතය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ නියමු පාසලක් ලෙස අප පාසල තෝරාගැනිමට අප දරු දැරියන්ට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස සලකමි.
අප පාසල සඳහා නිල වෙබ් අඩවියක් නිර්මාණය කිරීම මහත් සතුට දනවන කරුණක් වේ. මන්ද යත් කලක සිට පවතින අවශ්‍යතාවයක් ඉටුවීම ඊට හේතුවයි. දිනෙන් දින දියුණව කරා යන පාසලේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂ මං සලකුණක් ලෙස සැලකිය හැකි අවස්ථාවකි. මේ තොරතුරු තාක්ෂණ යුගයයි. පාසලේ තොරතුරු විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම යහපත් වන නමුත් වඩා විශාවාසදායි ,නිවැරදි හා යාවත්කාලීන වූ තොරතුරු බෙදා හදා ගැනීමේ වඩාත් සුදුසු මෙවලම පාසල් නිල වෙබ් අඩවිය ලෙස සැලකිය හැකියි. මේ නිසා පාසල් වෙබ් අඩවියට විශේෂ වටිනාකමක් හිමි වේ.
මේ සඳහා දිරියෙන් කටයුතු කළ වෙබ් අඩවි සංවර්ධන ශිෂ්‍ය කණ්ඩායම ඇතුළු සහයෝගය දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි. එසේම ඒ සඳහා මග පෙන්වන ලද තොරතුරු තාක්ෂණ විෂයභාර ගුරු භවතුන් වෙත ද අවශය විස්තර සපයා දීමෙන් සහයෝගය දැක්වු අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සැමට ද ස්තුතිය පිරිනමමි.නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් වෙබ් අඩවිය පවත්වාගෙන යාම තුළින් පාසල් පරිපාලන මණ්ඩලය, ගුරුභවතුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන්, ආදී ශිෂ්‍යයන්, සුභ පතන්නන් ඇතුළු සියළු දෙනා සඳහා පාසලේ මූලික තොරතුරු ප්‍රභවය ලෙස මෙම වෙබ් අඩවිය භාවිත කළ හැකිය. මෙම වෙබ් අඩවිය මනා ලෙස නඩත්තු කරමින් පවත්වාගෙන යාම අභියෝගාත්මක කාර්යයකි. ඒ සඳහා පාසලේ සියළු දෙනාගේ සහයෝගය ලැබිය යුතු ය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්ය සැමට ලැබේවායි ප්‍රාර්ථනය කරමි.පාසලේ උන්නතියට මේ මහඟු කාර්යය මනා පිටුබලයක් වේවා!
විදුහල්පතිතුමාගේ නම
විදුහල්පති
බණ්ඩාරනායක මහා විද්‍යාලය.





