කෑ/බණ්ඩාරනායක ජාතික පාසල

පාසලේ ඉතිහාසය

"2K24 A/L විභාගය"

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

බණ්ඩාරනායක ජාතික පාසලේ ඉතිහාසය

 

බණ්ඩාරනායක ජාතික පාසල කිතු වසරින්  1860 දී ඉංර්‍ගසි මාධ්‍ය පාසලක් ලෙස ආරම්භ කර ඇත. හෙට්ටිමුල්ල දෙල්කොටහේන නැමැති ඉඩමෙහි තාවකාලිකව පොල් අතු සෙවෙලි කළ ගොඩනැගිල්ලක ආරම්භ කර ඇති බවට සටහන් වේ. මූල්කාලීන ගුරු සංඛ්‍යාව 6ක් වූ අතර සිසුන් සංඛ්‍යාව 90 ක් විය. විජයරත්න නම් ගුරු මහතෙකු මුල්ගුරුතුමා ලෙස කටයුතු කර ඇත. 1969 වර්ෂයේදී මාකූර වත්ත නම් ඉඩමෙහි ස්ථිර ගොඩනැගිල්ලක් තනා පාසලට නව මානයක් ලබා දෙන ලදී. ක්‍රමිකව සිසුන් සංඛ්‍යාව වර්ධනය වූ අතර 1903 වන විට එය 120 දක්වා වර්ධනය විය. 

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස 1946 වසර වන විට පාසලට තවත් ස්ථිර ගොඩනැගිල්ලක් හිමි වී ඇත. එම වසරේදී ම තවත් කඩ ඉමක් පසුකරමින් පාසල, කනිෂ්ඨ පාසල් තත්වය  ඉක්වමා 1946 සැප්තැම්බර් 27 වන දින හෙට්ටිමුල්ල ජූනියර් පාසල ලෙසට නම්කර ඇත. එම වකවානුව තුළ පාසලේ සිංහල ප්‍රාථමික අංශයක් ද ආරම්භ කර ඇත. සිංහල හා ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය දෙකෙන් ම ඉගැන්වීම සිදුකර ඇත. පාසලේ විදුහල්පති තුමා ලෙස විජේතිලක මහතා කටයුතු කර ඇත.  මේ කාලය තුලදී සිසු සිසුවියන් සංඛ්‍යාව තවදුරටත් වර්ධනය වූ බැවින් පොල්අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක් සහ ගුරු නිවාසයක් ප්‍රදේශවාසීන්/දෙමාපියන්ගේ ශ්‍රම පරිත්‍යාගයෙන් ඉඳිවිය. 

1956 සිට ඉගෙනුම් මාධ්‍ය වශයෙන් සිංහල මාධ්‍ය භාවිතයට ගැනුණි. 1960 වර්ෂය දී විදුහලේ නම හෙට්ටිමුල්ල මහා විද්‍යාලය ලෙස නම් කර  ඇත.  ඒ වන විට සිසුන් සංඛ්‍යාව තවදුරටත් වැඩිවිම නිසා පාසලේ ගොඩනැගිලි වල අඩුව මහත් සේ පෙනී ගියේ ය. නමුත් ඒ සඳහා ඉඩකඩ සොයාගැනිම අපහසු විය. මේ ගැටළුවට පිළිතුරක් ලෙස පාසල මාකූරේ සිට නැවත හෙට්ටිමුල්ල වෙත ගෙනයාමට සාකච්ඡා පවත්වා තිබේ. නමුත් මාකූර ආදර්ශ ග්‍රාම සංවර්ධන සමිතියේ ගරු සභාපති  එමෙන්ම එවකට අධ්‍යාපන ඇමතිව සිටි පී. බී. ජී. කළුගල්ල මහතාගේ ලේකම් ලෙස කටයුතු තළ එච්. එම්. විල්බට් පෙරේරා  මහතා ගේ සහය ඇතිව නව ඉඩමක් ලබාදී ගොඩනැගිල් සාදවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම අමාත්‍යතුමා විසින් සිදුකර ඇත. ඒ අනුව පංති කාමර සඳහා ශාලා දෙකක්, විද්‍යාගාරය, ගෘහ විද්‍යාගාරය, පුස්තකාල ගොඩනැගිල්ල(පැරණි), කර්මාන්තාගාරය, සංගීත සහ නැටුම් සඳහා ගොඩනැගිල්ලක් සහ ගුරු නිවාසය මේ අනුව ඉදිකර ඇත. පාසලට  මේ කාලසිමාව තුලදී පියදාස සමරකෝන් මයා, සෙනෙවිරත්න මයා, ප්‍රනාන්දු මයා විදුහල්පති තුමන් ලා ලෙස කටයුතු කර ඇත. 

1962 වර්ෂය විද්‍යාලයේ ස්වර්ණමය වසරක් ලෙස සැලකිය හැකිය.  ඉහත සඳහන් ගොඩනැගිලි වල වැඩ නිමවා 1962 නොවැම්බර් 26 දින එවකට ලංකාවේ අණ්ඩුකාරවරයා වු විලියම් ගොපල්ලව මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිම සිදු කර ඇත.  එම උත්සවයට සමගාමිව එම වසරේ අධ්‍යාපනික ප්‍රදර්ශනයද පවත්වා තිබේ. උසස්  පෙළ කලා පංති ආරම්භ කිරිමද මේ වසරේ සිදුව තිබේ. මෙම වකවානුවේ විදුහල්පතිතුමා ලෙස කටයුතු කර ඇත්තේ ආටිගල මහත්මා ය.  පළමු වරට සිසුන් විශ්වවිද්‍යාලයට තේරී පත්වීම, පාසල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය ලෙස නම් කිරීම. සිසු සිසුවියන් සඳහා නිල ඇඳුමක් හා නිල ලාංඡනයක් සකස්කිරිම,  සනී මාරසිංහ ගුරුතුමාගේ දායකත්වයෙන් පාසල් ගීතය නිර්මාණය කිරිම ද  සිදු වූ තවත් සුවිශේෂි සිදුවීම් වේ. 

1960 දශකය මුල් භාගය වන විට ක්‍රීඩාපිටියක අවශ්‍යතාවය දැඩිව දැනී තිබුණ හෙයින් දෙමව්පිය, ආදාශිෂ්‍ය ශ්‍රම දායකත්වයෙන් එය සකස් කර ගැනිමට හැකිවිය. 

1970 දශකය තුල උසස්පෙළ විද්‍යා අංශ්‍ය ආරම්භවිම සිදුවිය. උඩහ කොටස හෙවත් සමනල උයන ලෙස දැන් හඳුන්වන කොටස තුළ පංති ආරම්භ කිරිමද මේ කාලය තුල සිදුවිය. 1964 වර්ෂය තුල පාසලේ ආරම්භක ගොඩනැගිල්ල ඉවත් කර දැනට පවතින පාසලට විශේෂ අනන්‍යතාවයක් එක් කරන රැස්වීම් ශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලද්දේ ය. එය සිදුවූයේ එවකට අධ්‍යාපන අමාත්‍යව සිටි පි. බී. ජී. කළුගල්ල මැතිතුමා ගේ සුරතිනි.  ...... ..... ......