නියමිත පාසල් නිල ඇඳුම ඇඳ දිනපචා පාසලට පැමිණිය යුතුය.
- හිසකෙස
- පිරිමි ළමුන් - පැසල් දරුවෙකුට සුසුසු පරිද මැදින් රෝද නොතැබිය යුතුය. කොටට කපා මනාව පැත්තකින් බෙදා පීරා තිබිය යුතුය. කොණ්ඩය උඩට පීරීම හෝ හිස මුදුන නෙරාගිය ආකාරයට(BUMP) පීරීම නොකළ යුතුය. කොණ්ඩයේ දිග අඟල් දෙකකට වඩා නොවැඩි විය යුතුය. විශේෂයෙන්ම හිසෙහි පිටුපස කොණ්ඩයේ දිග අඟල් 1/2 වඩා අඩුවෙන් තිබිය යුතුය. පැතිවල දිග(SIDE CUT) අඅඟල් 1/2 වඩා අඩුවිය යුතුය. රැවුල සම්පූර්ණයෙන් ම කපා තිබිය යුතුය.
- ගැහැණු ළමුන් - මැදින් පීරා කරල් දෙකක් වන සේ ගොතා කළු රිබන් පටි දෙකකින් බැඳිය යුතුය. කොණ්ඩ කටු (විවිධ වර්ණ) හිසෙහි නොපැළඳිය යුතුය.
- ඇඳුම
- පිරිමි ළමුන් - 6-9 ශ්‍රේණි සුදු කොට කලිසම, සුදු අත්කොට කමිසය, කමිස සාක්කුමෙහි නිල ලංඡනය පැළදීම, 10-13 ශ්‍රේණි සුදු දිග කලිසමට අතකොට කමිස, කමිස සාක්කුවේ නිල ලාංඡනය පැළැඳිය යුුතුය. කලිසමේ ඉන පහළට නොසිටිනසේ සකස් විය යුතුය. දිග කිලිසමේ පහල වට ප්‍රමාණයට අඟල් 15ට අඩු නොවිය යුතුය.
- ගැහැණු ළමුන් - සුදු ගවුම පැත්තකට රැළි 5ක් වන සේ තිබිය යුතු අතර උණ හිසෙන් පහළට අඟල් 3ක් තිබිය යුතුය. ඉන පහළට වන සේ සකස් නොවිය යුතු අතර ඉන පිටිය පහළට නොඑල්ලෙන සේ පැළඳිය යුතුය. ගවුමේ උඩ කොටසේ ඉහළ විවරය අඟල් 1 1/2 ට නොවැඩි විය යුතුය. සෑම අයෙකුම ටයි පටිය පැළැඳිය යුතුය. නිල ලාංඡනය වම්පස ඉහළ කෙළවරින් තිබිය යුතුය.
- පාවහන්
- පිරිමි ළමුන් - කළු මේස් සහිත කළු සපත්තු පැළඳිය යුතුය. දැඩි ලෙස පාදයේ ආබාධයක් පවතින විට කළු රබර් සෙරෙප්පු පමණක් පැළඳීමට අවසර දෙනු ලැබේ. ඉන් පරිබාහාරව පැළඳ ගෙ එන සියළුම වර්ගයේ සෙරෙප්පු සහ සපත්තු පාසල භාරයට ගනු ලැබේ.
- ගැහැණු ළමුන් - සුදු මේස් සහ සුදු සපත්තු පැළඳිය යුතුය. පාදයේ ආබාධයක දී පමණක් පටි දෙක සහිත සෙරෙප්පු පැළඳිමට අවසර දෙනු ලැබේ
(සබරගමු පළාත් අධ්‍යාපන චක්‍රලේක අංක -සබර/2014/02 පරිදි ය)






