කෑ/බණ්ඩාරනායක ජාතික පාසලේ ආරම්භය සටහන් වන්නේ වසර 1860 තරම් ඈත කාලයකදී ය. මේ වකවානුවේ විවිධ සමාගම් මගින් ඒ ඒ ප්‍රදේශවල ජනතා අවශ්‍යතා සඳහා පාසල් පිහිටුුුවීම සිදු විය. ඒ අනුව හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි දෙල්කොටහේන නම් ඉඩමෙහි රාත්‍රි ඉංග්‍රීසි පාසලක් වශයෙන් පාසල පිහිටුවා තිබේ. ඒ සඳහා මාකූර සහ හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ප්‍රගතිශීලී ජනතාව මුල් වී ඇත.
පාසල ප්‍රගතිය කරා යාමත් සමග ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වූ අතර පාසල පුළුල් කිරීමේ අවකාශය මේ ස්ථානයේ මද වූයෙන් එවකට මාකූර ග්‍රාම සංවර්ධන සමිතියට, එහි ගරු සභාපති ඩබ්. ඒ. පෙරේරා මහතා විසින් ඉදිරිත් කළ යොජනාවකට අනුව පාසල මාකූර ප්‍රදේශයට ගෙන ඒමට තීරණය විය. ඒ සඳහා ප්‍රදේශවාසි පවුල් කීපයක් ඉඩම් ලබාදුන් අතර වර්තමාන පාසල් භූමිය ඇතිවන්නේ එවැනි ඉඩම් කීපයක් ඒකාබද්ධ වීමෙනි.
පසු කලෙක එවකට අධ්‍යාපන ඇමතිව සිටි පී. බී. ජී. කළුගල්ල මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන්බ් කටයුත ු කල . විල්බට් පෙරේරා මහතාගේ සම්බන්ධීකරණයෙන් පී. බී. ජී. කළුගල්ල මැතිතුමා විසිිින් ලබාදුන් රාජ්‍ය ප්‍රතිපාදන අනුව පාසල් ගොඩනැගිල් බොහෝ ප්‍රමාණයක් සහ අවශ්‍ය පහසුකම්ක එකවර පාසලට ලැබීමත් සමග පාසලේ සීග්‍ර දියුණුවක් ඇති විය.
මේ අනුව නම් වශයෙන් සඳහන් කිරිම අසීරු බොහෝ සත් ජනයා පාසලේ ආදී කතෘන් වේ. ඔවුන් වෙත අප්‍රමාණ ගෞරවය වර්තමාන අප විසින් පුදකළ යුතු වේ.





