සබරගමුව පළාතේ කෑගල්ල නගරයට ආසන්නව මාකූර හෙට්ටිමුල්ල ලිපිනයේ ස්ථාපිත හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය වර්ෂ 1860 සිට පැවත එන දිර්ඝ ඉතිහාසයක් සහිත අභිමානවත් පාසලකි. නැණ ගුණ සපිරි පුරවැසියන් දස දහස් ගණනක් රට දැයට තිළිණ කළ පුළුල් පෝෂක ප්‍රදේශයක් සහිත කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 6-11 කනිෂ්ඨ ද්විතියික අංශය ලෙස හා උසස පෙළ කලා, වානිජ, විද්‍යා යන ධාරා යටතේ ක්‍රියාත්මක වේ. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
21වන සියවසේ අභියෝග ජයගත හැකි පුරවැසියෙක්.
ජාතික අධ්‍යාපනික අභිමතාර්ථ තුලින් ශිෂ්‍ය නිපුණතා මතුකොට ගුණයෙන් හා නුවණින් පිරි රටට හිතැති ලොව ජයගත හැකි අභිමානවත් පුරවැසියෙකු සමාජයට දායාද කිරිම.