නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පූජ්‍ය උඩවෙල විනීත හිමි
විසි එක්වන සියවසේ අභියෝග ජය ගැනීම සඳහා පුරවැසියෙකු නිර්මාණය කිරීමට ගෙන ඇති ප්‍රයත්නයන් අතර පාසලට හිමි වන්නේ අද්වතීය ස්ථානයකි ස්ථානයකි. ඒ වෙනුවෙන් යන මාවතේ පාසල් දරුවන්ට නවමු අත්දැකීම් එක් කරදීමට තාක්ෂණික මෙවලම් භාවිතයට දරුවන්ට අවස්ථා ලබා දීම ප්‍රබලල අභියෝගයකි. මන්ද එය දැලි පිහියෙන් කිරි කනවා හා සමානය. තාක්ෂණික මෙවලම් භාවිතයෙන් නව දැනුම සොයා යා යුතුය. එය සඳහා මං පෙත් විවර කර දියයුතුය. පාසල් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමෙන් ද අපගේ බලාපොරොත්තුව නිසි ශික්‍ෂණයෙන් යුතු තොරතුරු සමාජගත කිරීමට දරුවන්ට අවස්ථාව සලසා දීමයි. ඒ සඳහන් විසින් නියාමනයක් හා අධීක්ෂණයක් තිබිය යුතුය. ඒ වෙනුවෙන් තාක්ෂණික ගුරුවරු මෙන් ම වැඩිහිටි අපට සුවිශාල කාර්යභාරයක් හිමි වේ. එම වගකීම තුළ නව ලොව ජය ගැනුමට තාක්‍ෂණය භාවිතයට ගෙන ඇති ප්‍රයත්නය අගය කරමි. ඒ වෙනුවෙන් ශුභාශිංසනය එක්කරමි.
පූජ්‍ය උඩවෙල විනීත හිමි
නියෝජ්‍ය විදුහල්පති
බණ්ඩාරනායක ජාතික පාසල.





