කෑ/බණ්ඩාරනායක ජාතික පාසල

"2K24 A/L විභාගය"

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විද්‍යාලයීය විනය නීති මාලාව

සියලුම සතුන් අතරින් මිනිසා වෙනස්වන්නේ නීතිය, යුක්තිය සහ විනයගරුක භාවය නිසයි. විනය යනු අභ්‍යන්තරයේ පැන නැගී වර්ධනය විය යුතු දෙයක් වේ. ඉගෙනීමටත්, ඉගැන්වීමටත් විනය අත්‍යවශ්‍ය දෙයකි. අප පාසලේ විනය කටයුතු පවත්වාගෙන යාමට ආචාර්ය මණ්ඩලය, සිසුන් සහ දෙමාපියන්ගේ සහයෝගය පාසලට ලබාදීම නොපමාව කළ යුතු දෙයක් වේ.

1.පාසලේ තමාට පැවරි ඇති දෛනික කටයුතු නොපිරිහෙලා ඉටුකළ යුතුය.

2.පාසලට පැමිණි පසු (පෙ.ව 7.30 - ප.ව 1.30 දක්වා) පාසලේ රැඳී සිටිය යුතුය. නොදන්වා පාසල් භූමියෙන් බැහැර වීම සපුරා තහනම් වේ. විශේෂිත අවශ්‍යතාවයක් සඳහා අවසර දියහැකි අතර දෙමාපියන්/භාරකරු ලිඛිතව අවශ්‍යතාවය ඉල්ලිය යුතුය. විශේෂිත හේතුවක් නිසා පාසල මගින් දරුවා ගෙදර එවන්නේ නම් පන්තිභාර/අංශ ප්‍රධාන / නි. විදුහල්පති මගින් සිදුකරන අතර දෙමාපියන් දරුවා පැමිණි වේලාව ගුරු දෙගුරු සම්බන්ධතා පොතේ සටහන් කළ යුතුය.

3.පාසල් පරිසරයේ තිබෙන සියළුම සම්පත් ආරක්ෂා කිරිමට ශිෂ්‍යයා බැඳී සිටියි. තමන් අතින් සිදුවන යම් විනාශයකට පාසලේ තක්සේරුවන්ට අනුව අලාභ ගෙවීමට බැඳී ඇත.

4.දුම්වැටි, මත්ද්‍රව්‍ය, මත්පැන් ඔබගේ පරම හතුරන්ය. එවැනි කටයුතුවලට සම්බන්ධව වරදකරු වන ඕනෑම අයෙකු පාසලෙන් බැහැර කිරීමට සිදුවනු ඇත.

5.නියමිත පාසල් නිල ඇඳුම ඇඳ දිනපතා පාසලට පැමිණිය යුතුය. එය කඩකරන්නන් සඳහා සුදුසු දඬුවම් පමුණුවනු ලැබේ.

       -හිසකෙස්

පිරිමි ළමුන් - පාසල් දරුවෙකුට සුදුසු පරිදි මැදින් රොද නොතැටිය යුතුය. කොටට කපා මනාව පීරා තිබිය යුතුය. රැවුල සම්පූර්ණයෙන් ම කපා තිබිය යුතුය.

ගැහැණු ළමුන් - මැදින් පීරා කරල් දෙකක් වන සේ ගොතා කළු ඊබන් පටි දෙකකින් බැඳිය යුතුය. කොණ්ඩ කටු (විවිධ වර්ණ) හිසෙහි නොපැළඳිය යුතුය.

       -ඇඳුම්

පිරිමි ළමුන් - 6 - 9 ශ්‍රේණි සුදු කොට කලිසම, සුදු අත්කොට කමිසය, කමිස සාක්කුවෙහි නිල ලාංඡන පැළඳීම.10 – 13 සුදු දිග කලිසමට අත් කොට කමිස, කමිස සාක්කුනේ නිල ලාංඡනය පැළඳිය යුතුය. කලිසම ඉන පහළට නොසටින සේ සකස් විය යුතුය. දිග කලිසමේ පහල වට ප්‍රමාණට අඟල් 15 ට අඩු නොවිය යුතුය.

ගැහැණු ළමුන් - සුදු ගවුම පැත්තකට රැළි පහක් වන සේ තිබිය යුතු අතර දණහිසෙන් පහළට අඟල් 3 ක් තිබිය යුතුය. ඉන පහළට වන සේ සකස් නොවිය යුතු අතර, ඉන පටිය පහළට නොඑල්ලෙන සේ පැළඳිය යුතුය. ගවුමේ උඩ කොටසේ ඉහල විවරය අඟල් 1 1/2 ට නොවැඩි විය යුතුය. සෑම අයෙකුම ටයි පටිය පැළඳිය යුතුය. නිල ලාංඡනය වම්පස ඉහළ කෙළවරින් තිබිය යුතුය.

        -පාවහන්

පිරිමි ළමුන් - කළු මේස් සහිත කළු සපත්තු පැළඳිය යුතුය. දැඩි ලෙස පාදයේ ආබාධයක් පවතින විට කළු රබර් සෙරෙප්පු පමණක් පැළඳීමට අවසර දෙනු ලැබේ. ඉන් පරිබාහිරව පැළඳ ගෙන එන සියළුම වර්ගයේ සෙරෙප්පු සහ සපත්තු පාසල භාරයට ගනු ලැබේ.

ගැහැණු ළමුන් - සුදු මේස් සහ සුදු සපත්තු පැළඳිය යුතුය. පාදයේ ආබාධයක දී පමණක් පටිදෙක සහිත සෙරෙප්පු පැළඳීමට අවසර දෙනු ලැබේ.

6.ආහාර - උදේ පාසලට පැමිණෙන විට උදේ ආහාරය අනුභව කොට පැමිණිය යුතුය. කිසිම හේතුවක් නිසාවත් විවේක කාලයේදී හැර පාසලේ ආපන ශාලාවට නොයා යුතුය.

7.වටිනා ආභරණ, ඔරලෝසු, අනවශ්‍ය මුදල් හා සෙල්ලම් බඩු පාසලට රැගෙන නොආ යුතුය. එවැනි දෑ හසුවුවහොත් පාසල භාරයට ගනු ලැබේ.

8.ප්ලාස්ටික් මුදු, විසිතුරු මාල, විවිධ පාට නූල් පැළඳ පාසල් පන්ති කාමරය තුලට පැමිණීම සපුරා තහනම් ය.

9.අසභ්‍ය පොත්පත්, සඟරා, පුවත්පත්, අසභ්‍ය සංයුක්ත තැටි, ජංගම දුරකථන ආදිය පරිහරණය කිරීම, ළඟ තබා ගැනීම හා පාසලට රැගෙන ඒම සපුරා තහනම් වේ. එවැනි වැරදි සිදුවුවහොත් දැඩි දඬුවම් හිමිවනු ඇත. එම භාණ්ඩ ප්‍රසිද්ධියේ විනාශ කරනු ලැබේ. (දෙමාපිය දැන්වීමකින් පසු)

10.අසනීප වීම නිසා පාසල් නොපැමිණෙන සිසුන් පිළිබඳ පන්තිභාර ගුරුතුමා /. ගුරුතුමියට දෙමාපිය / භාරකරු විසින් ලිපියක් මගින් දැනුම්දිය යුතුය. පන්ති වාර්තා පොතේ අදාල පිටුවේ ඒ බව සඳහන් කර එවිය යුතුය.

11.සෑම වසරකම පළමු මාසය තුළදී පාසල් සංවර්ධන සමිති ගාස්තු හා පහසුකම් හා සේවා ගාස්තු ගෙවා ර්සිට් පතක් ලබාගත යුතුය.

12.පාසලේ ගෞරවයට හා කීර්තියට හානිවන ආකාරයේ කවර හෝ දෙයක් නොකිරීමට සියළුම සිසුන් වගබලා ගත යුතුය. නිරන්තරයෙන් පාසලේ ගෞරවය හා කීර්තිනාමය ආරක්‍ෂා වන පරිදි හැසිරිය යුතුය.

13.බෞද්ධ ආගමික වත් පිළිවෙත් හා දේශීය වටිනා සංස්කෘතික අංගයන් ගෞරවයෙන් යුතුව අනුගමනය කළ යුතුය. අනෙකුත් ආගමික හා සංස්කෘතින්ට ද ගෞරව කළ යුතුය.

14.සැමට නිරතුරු ගෞරව දැක්විය යුතුය. ආචාරශීලී විය යුතුය.

15.විනය කමිටුව - පාසලේ විනය කටයුතු සංවිධානය කෙරෙන්නේ විදුහල්පති, අංශ ප්‍රධානීන් සහ ඒ ඒ අංශවලින් පත් වූ තවත් ගුරුභවතුන් දෙදෙනා බැගින් වූ විනය කමිටුවක් මගින් ය. පැන නගින විනය ගැටළු වලදී ඒ ඒ අංශ ප්‍රධානීන්ගෙන් යුතුව ගැටලු නිරාකරණය කෙරෙන අතර බරපතල සිදුවීම් වලදී සමස්ථ විනය මණ්ඩලය ම එක්ව විදුහල්පතිගේ ප්‍රධානත්වයෙන් තීන්දු ගනු ලැබේ.

16.පාසල තුළ හැසිරීම

-පාසල ආරම්භ කිරීමට පෙර සිසුන් විසින් පංති කාමර ඇතුලත හා පිටත පූරිසරය පවිත්‍ර කළ යුතුය. අනවශ්‍ය ලෙස පරිසරය හා පන්ති කාමර අපවිත්‍ර නොකළ යුතුය.

-නිසි අවසරයකින් තොරව කිසිඳු හේතුවක් නිසා පාසලේ ගේට්ටුවෙන් පිටත නොයා යුතුය. පංතියේ නොසිට නිකරුණේ එහා මෙහා යාම සපුරා තහනම්ය. III. කිසියම් පංති වුවමනාවක් හෝ පෞද්ගලික වුවමනාවක් සඳහා පංතියෙන් බැහැර වන්නේ නම් අවසර පතක් ළඟ තබාගෙන දෙදෙනෙකු පමණක් ගමන් කළයුතුය.

-කිසිඳු අනවශ්‍ය පොතක් පන්තිය ඇතුලේ තබාගැනීම, ඒවා එහා මෙහා හුවමාරු කිර්ම සපුරා තහනම්ය.

-ශිෂ්‍ය නායක නායිකා, පංති නායක නායිකා යන සියල්ලන්ට ම අවනත ව සිසුන් කටයුතු කළ යුතුය.

-ගුරුභවතුන් සෑම කෙනෙකුටම ගරු කළ යුතුය.

-පාසල් වේලාවෙන් පසුව කෙරෙන්නා වූ සෑම විෂයානුබද්ධ කටයුතු සහ විෂය බාහිර කටයුතු කිසියම් හෝ ගුරුභවතෙකුගේ අනුදැනුම මත කළ යුතු වේ.

-පිටස්තර බාහිර බලවේගයන්ට නතුව පාසල් විනයට පටහැනිව කටයුතු කිර්ම දඬුවම් ලැබිය යුතු තදබල වරදක් වේ.

-පන්ති කාමරය තුල හැසිරීම පන්ති නායක නායිකා, උප නායක නායිකා යන අයට අවනත වීමෙන් සහය දක්වන්න. පන්ති කාමරයේ ගුරුභවතෙකු නොමැති විටදී එම ශාලාවේ සිටින වෙනත් කවර හෝ ගුරුභවතෙකුගේ බසට අවනතව ක්‍රියා කළ යුතුය.

-පන්ති මාරුවීම්, පුස්තකාලය වෙත ගමන් කිරීම් යනාදියේ දී පේළි ගැසී ගමන් කළයුතුය.

-විෂයභාර ගුරුභවතෙකු පැමිණ නැති විටදී අංශභාර ගුරුභවතා මගින් අමතර ගුරුභවතෙකුගේ සේවය සහ ලබා දී ඇති පැවරුම් ලබාගැනීමට කටයුතු කරන්න.

17.වාර පරීක්‍ෂණ

-සියළුම සිසුන් අනිවාර්යෙන් ම පාසලේ වාර පරීක්‍ෂණ ඇගයීම් වලට සහභාගි විය යුතුය. අසනීපයක් හේතුකොට ගෙන සහභාගි නොවේ නම් වෛද්‍ය     සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.

18.පාසලෙන් පිටත හැසිරීම

-පාසල නිමාවත් ම පාරේ තැන තැන කල්ලි ගැසීම, කඩ වීදිවල නිකරුනේ රැඳී සිටීම හා පාසලට කැළලක් වන සේ කටයුතු කරන්නන්ට දැඩි පියවර ගනු ලැබේ.

-පාසල හා සම්බන්ධ කටයුත්තකට පාසලෙන් බැහැරව යන්නේ නම් ගුරුභවතෙකු යටතේ යවනු ලබන අතර සිසුන් ඔහුගේ අණට කීකරු විය යුතුය.

-පාසල් නිමාවෙන් පසු පේළි අනුව ගොස් බස්රථවලට ගොඩවන්න. පාරේ ගමන් කරන වාහන වලට හානි කිරීමක් හෝ අවහිර කිරීමක් නොකරන්න. ගුරුභවතුන්ට බස්රථ වලට ගොඩවීමට සලසන්න. බස්රිය තුළ විනීතව හැසිරෙන්න.